ව්‍යාජ ලේබල් සහිත ජල බෝතල් තොගයක් විනාශ කිරීමට නියෝග
07 September 2026
ව්‍යාජ ලේබල් සහිත ජල බෝතල් තොගයක් විනාශ කිරීමට නියෝග
07 September 2026
ව්‍යාජ ලේබල් සහිත ජල බෝතල් නිෂ්පාදනය කර බෙදාහැරීම් සිදු කළ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි සමාගමකට රුපියල් 40,000ක් දඩයක් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගය කර තිබේ.
එමෙන්ම එම ලේබල් සහිත බෝතල් 8500ක් විනාශ කිරීමට අධිකරණය නියෝග කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
පසුගිය අගෝස්තු මස 21 වෙනිදා සිදුකළ වැටලීමකදී ලීටර් 19, ලීටර් 5, මිලිලීටර් 1500, 1000 සහ 500 ප්‍රමාණයේ ව්‍යාජ ලේබල් සහිත පානීය ජල බෝතල් විශාල තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අනුව එම සමාගමට සහ එහි අධ්‍යක්ෂවරයාට එරෙහි නඩූ පැවරීමට කටයුතු කළ අතර එය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වරද පිළිගෙන ඇති බව සඳහන්ය.
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ පානීය ජල බෝතල් 8,500කට අධික සම්පූර්ණ තොගයම විනාශ කිරීමට නියෝග කෙරුණු අතර, ඒ අනුව අදාළ ජල බෝතල් තොගය අධිකරණ භූමියේදීම විනාශ කර දමන ලදී.

