brand logoaward badge
IDH ප්‍රදේශයේ වෙළෙදසැලක ගින්නක්

IDH ප්‍රදේශයේ වෙළෙදසැලක ගින්නක්

26 December 2025

අංගොඩ IDH ප්‍රදේශයේ වෙළෙදසැලක හදිසි ගින්නක් හටගෙන තිබේ.


ගින්න මැඩපැවැත්වීම සඳහා කොට්ටේ ගිනි නිවීමේ ඒකකයේ රථ 04ක් යොමු කර ඇති බව එම ඒකකය සඳහන් කළේය.


කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මහල් 04කින් යුත් මෙම වෙළෙඳසැලේ ගින්න හට ගෙන ඇතැයිද ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවය.



ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.


 

More News..