ධීවර හා නාවික ප්රජාවට විශේෂ නිවේදනයක්
29 October 2026
ධීවර හා නාවික ප්රජාවට විශේෂ නිවේදනයක්
29 October 2026
බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශවල යාත්රා කරන බහුදින ධීවර යාත්රා සහ නාවික ප්රජාව සඳහා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුරු සුමාත්රා දූපත් ආශ්රිත දකුණු අන්දමන් මුහුදු ප්රදේශයේ පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අද (29) පෙරවරු 11.30 පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙම අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, ඔක්තෝබර් 31 වැනිදා පමණ වන විට ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් හා නිකොබාර් දූපත් ආශ්රිත මුහුදු ප්රදේශයේදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන් අනතුරුව, එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ඉදිරි දින දෙක තුළ බටහිරට බරව වයඹ දෙසට, එනම් ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන සහ කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙසත් ධීවර හා නාවික ප්රජාවගෙන් ඉල්ලා සිටී.

