brand logo
logo
 ඉදිරි පැය කිහිපය තුළ දිස්ත්‍රික්ක කිහිපයට මි.මී100 ඉක්මවූ තද වැසි

ඉදිරි පැය කිහිපය තුළ දිස්ත්‍රික්ක කිහිපයට මි.මී100 ඉක්මවූ තද වැසි

07 November 2026


ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


මෙම නිවේදනය අද (07) පස්වරු 5.00 සිට හෙට (08) අලුයම 1.00 දක්වා බලපැවැත්වේ.


ඒ අනුව කළුතර, කෑගල්ල, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, බදුල්ල, මහනුවර, මාතර, මොනරාගල, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


මෙම තද වැසි හේතුවෙන් මාර්ග සහ ජනාවාස ආශ්‍රිතව ක්ෂණික ජල ගැලීම් ඇති විය හැකි අතර, මාර්ග තෙත් වීම සහ දෘශ්‍යතාව අඩුවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.


එමෙන්ම තැනින් තැන ගල් පෙරළීම් සිදුවිය හැකි අතර, ප්‍රවාහන සේවාවන්ට ද කෙටිකාලීන බාධා ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


මේ හේතුවෙන් පහත් බිම්වල, ගංගා ද්‍රෝණි ආශ්‍රිතව සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතුය.


විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල රිය ධාවනය කරන රියැදුරන් ඉතා සැලකිලිමත් වන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන සහ කාලගුණ අනාවැකි පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දී තිබේ.


 

 

 

More News..