ගුවන්යානයක් කඩාවැටී 05 දෙනෙකු මරුට
23 December 2025
ගුවන්යානයක් කඩාවැටී 05 දෙනෙකු මරුට
23 December 2025
මෙක්සිකෝවට අයත් වෛද්‍ය සේවා ගුවන් යානයක් අමෙරිකාවේ ටෙක්සාස් හි ගැල්වෙස්ටන්ස් බොක්ක ආසන්නයේදී කඩා වැටී තිබේ.
අනතුරට ලක්වන විට යානයේ මගීන් 8 දෙනෙක් සිට තිබූ අතර ඔවුන්ගෙන් සිවු දෙනෙක් සිවිල් වැසියන් වූ අතර අනෙක් සිවු දෙනා මෙක්සිකෝ නාවික හමුදාවේ සාමාජිකයන්ය.
අනතුරෙන් පස්දෙනෙක් මියගොස් ඇති අතර ඒ අතරට දෙහැවිරිදි දැරියක් ද අයත් වුණි.
යානයේ සිටි දෙදෙනෙක් නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුමක් ද ක්‍රියාත්මකයි.
පිලිස්සුම් තුවාල ලැබූවන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමේ කඳවුරකට එක්වීමට එම යානය ගමන් කරමින් පැවති බවට මෙක්සිකානු නාවික හමුදාව ද තහවුරු කළේය.
කලාපයේ පැවති ඝන මීදුම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි බලධාරීන් සැක පළකරයි.

