ශ්‍රී ලංකාවට ලකුණු 217ක ඉලක්කයක්
29 November 2026
ශ්‍රී ලංකාවට ලකුණු 217ක ඉලක්කයක්
29 November 2026
අද (29) පැවැත්වෙන ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 216ක් රැස්කිරීමට සමත්විය.
ඒ අනුව ආසියානු නැගීඑන තරු කිරුළ රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 217ක ඉලක්කයක් හිමිවිය.
පාකිස්තාන ඉනිම ඔසවා තැබූ ෂාහ්සායිබ් ඛාන් ලකුණු 60ක් හා ෂමිල් හුසේන් ලකුණු 40ක් රැස්කරමින් දක්ෂතා දැක්වූහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවිඳු ප්‍රනාන්දු ලකුණු 26කට කඩුලු 3ක් හා ගරුක සංකේත් ලකුණු 46කට කඩුලු 3ක් දවාගත්හ.තරගය කටාර් රාජ්‍යයේ දෝහා හිදී පැවැත්වේ.


