brand logo
logo
ශ්‍රී ලංකා පාකිස්තාන සටන අද

ශ්‍රී ලංකා පාකිස්තාන සටන අද

11 September 2026


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරග‍ය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (11 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


මින් පෙර පැවැති කාණ්ඩ වටයේ සියලු තරග අපරාජිතව කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට පත්ව ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසෙන අතර, පාකිස්තානය තමන් තරග වැදුණු තරග 3න් දෙකක් ජයගෙන එක් තරගයක් පරාජිතව පාකිස්තානය අද තරගයට එක්වෙයි. මෙම තරගාවලියට පෙර පැවැති අවසන් ආසියානු කුසලාන තරගාවලි දෙකේදීම දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව වෙතින් පාකිස්තානය පරාජයට පත්ව ඇත. තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 8ට ඇරැඹීමට නියමිතය.


මෙම තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඊයේ (10 වැනිදා) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි.

 

More News..