brand logo
logo
 ලන්ඩන් නගරයේ සිදු වූ අනතුරකින් ලාංකික සිසුවියක් ජීවිතක්ෂයට

ලන්ඩන් නගරයේ සිදු වූ අනතුරකින් ලාංකික සිසුවියක් ජීවිතක්ෂයට

26 September 2026


ලන්ඩන් නගරයේ සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකික සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


මෙලෙස මිය ගොස් ඇත්තේ, මෙලීෂා ප්‍රේමරත්න නමැති 16 හැවිරිදි වියෙහි පසුවූ තරුණියකි.


පෞද්ගලික පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය පසුගිය බ්‍රහස්පතින්දා (24) පෙරවරු 8.15ට පමණ පාසල වෙතට පා ගමනින් යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.


මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක මෙලීෂා ගැටී ඇති අතර එම ස්ථානයේදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 68 හැවිරිදි මෝටර් රථයේ රියදුරු ඇප මත මුදාහැර තිබේ.


මෙලීෂා ප්‍රේමරත්නගේ වියෝව සම්බන්ධයෙන් "ඇය අපේ ජීවිතවල ආලෝකයයි. ඇය නොමැති සෑම දවසක්ම අපිට ඇයව සිහි වනවා..." යනුවෙන් ඇයගේ පවුලේ ඥාතීන් සංවේදි සටහනක් ද පළ කර තිබේ.

 

More News..