මෙරට ශ්‍රම බලකාය අඩුවෙයි
08 April 2025 | සාලිය කුමාර ගුණසේකර
මෙරට ශ්‍රම බලකාය අඩුවෙයි
08 April 2025 | සාලිය කුමාර ගුණසේකර
මෙරට ශ්‍රම බලකාය අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද ශ්‍රම බලකා සමීක්ෂණයට අනුව මෙරට ශ්‍රම බලකාය මිලයන 8.316 ක් දක්වා අඩුවී ඇත.
ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එළි දක්වන ලද ‘වාර්ෂික ආර්ථික විවරණ’ යේ මේ බව සඳහන් කර තිබේ.
ඉකුත් 2023 වසරේදී ශ්‍රම බලකාය (ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය) මිලියන 8.408ක් ලෙස වාර්තා විය.
කෙසේ නමුත්, විරැකියා අනුපාතය ඉකුත් වසරේදී (2024) අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්තාව මගින් පෙන්වා දෙන්නේය.
2023 වසරේදී විරැකියා අනුපාතය සියයට 4.7 ක් ලෙස වාර්තා වූ අතර, ඉකුත් වසරේදී (2024) එය සියයට 4.4 ක් දක්වා අඩුවී තිබේ.

