ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් නිවේදනයක්
23 July 2026
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් නිවේදනයක්
23 July 2026
ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛන අදාළ පාසල් විසින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර තිබේ.
එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරුවල සංශෝධන සිදු කිරීමට අවශ්‍ය නම්, අද(23) වන දින සිට අගෝස්තු 03 වන දින දක්වා මාර්ගගතව එම සංශෝධන සිදු කිරීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, www.doenets.lk වෙබ් අඩවියට පිවිස “අපගේ සේවා” යටතේ ඇති “Exam Information Centre” වෙත පිවිසීමෙන් හෝ onlineexams.gov.lk මාර්ගගත විභාග සේවා පද්ධතිය වෙත පිවිසීමෙන් අදාළ සංශෝධන සිදු කළ හැකිය.
මේ අතර, 2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වන ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

