brand logo
logo
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක් පත් කෙරේ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක් පත් කෙරේ

11 September 2026


විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර තිබේ.


ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද (11) උදෑසන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ඇය වෙත මෙම පත්වීම් ලිපිය ප්‍රදානය කළ බවයි.


ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය මීට පෙර රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙසද සේවය කර ඇත.

 

More News..