ලිට්රෝ ගෑස් ගැන දැනුම්දීමක්
20 October 2026
ලිට්රෝ ගෑස් ගැන දැනුම්දීමක්
20 October 2026
දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු වේගවත්ව ක්රියාත්මක කරමින් පවතින බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.
පෙරේදා දිනයේ දී මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් FRANCOIS නෞකාව දිවයිනට පැමිණි අතර එම ගෑස් තොගය මේ වනවිට ගොඩබෑමේ කටයුතු සිදුකරමින් පවතින බවද අදාළ සමාගම දැනුම්දෙයි.
මේ අතර, ගෑස් රැගත් සිව්වන නෞකාව වන CORINTHIAN නෞකාව, ගෑස් මෙට්රික් ටොන් 3,900ක් සමඟ ඔක්තෝබර් 22 වන දින මෙරටට ළඟා වීමට නියමිත බව ද සමාගම තහවුරු කරයි.
මෙම තොග ලැබීමත් සමඟ දිවයින පුරා ගෑස් සැපයුම ස්ථාවර කරමින්, හිඟයකින් තොරව වෙළෙඳපොළට සුපුරුදු පරිදි ගෑස් බෙදාහැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බව සමාගම වැඩිදුරටත් පාරිභෝගිකයින් වෙත දැනුම්දී ඇත.

