brand logo
logo
මාස දෙකකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය යළිත් ඒකක 21,500 සීමාව ඉක්මවයි

මාස දෙකකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය යළිත් ඒකක 21,500 සීමාව ඉක්මවයි

09 November 2026


කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනයේදී යළිත් ඒකක 21,500 සීමාව ඉක්මවා ගොස් තිබේ.


පසුගිය සැප්තැම්බර් 09 වැනිදා එම සීමාවෙන් පහළට පැමිණීමෙන් අනතුරුව මාස දෙකකට පමණ පසු යළිත් එම මට්ටම ඉක්මවා යාම විශේෂත්වයකි.


අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 291.72කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ ඒකක 21,531.37ක් ලෙස සටහන් විය.


ඒ අනුව අඛණ්ඩව සිව්වැනි දිනටත් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක් වාර්තා වී ඇති අතර, පසුගිය ගනුදෙනු දින පහ තුළදී සමස්ත වර්ධනය ඒකක 1,452.1කි.

මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 97.77කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ ඒකක 6,143.15ක් ලෙස සටහන් විය.


අද දිනයේ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.33ක් වූ අතර, සමාගම් 168ක කොටස් මිල ගණන් පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.

 

More News..