නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට
17 July 2026
නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට
17 July 2026
නවගමුව පොලිස් වසමේ වඳුරම්මුල්ල ප්‍රදේශයේ ඊයේ (16) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.
පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

