brand logo
සෙල්ලමට හැංගුනු දරුවා වෙනත් රටකින් හමුවෙයි  (වීඩියෝ)

සෙල්ලමට හැංගුනු දරුවා වෙනත් රටකින් හමුවෙයි (වීඩියෝ)

2 months ago

Share on

හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටි 15 හැවිරිදි දරුවෙකු දින 06 කට පසුව වෙනත් රටකින් හමුවූ පුවතක් වාර්තා වේ.


ෆාහිම් නැමැති මෙම 15 හැවිරිදි බංගලාදේශ දරුවා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදා ගනු ලබන බහාලුමක සිට සොයා ගෙන තිබුනේ මැලේසියාවේ, බටහිර වරායේ දීය.


ඒ එම දරුවා සිටි බහාලුම රැගත් නෞකාව දින 06ක කාලයක් බංග්ලාදේශයේ චිතගොංන් වරායේ සිට ගමන් ඇරඹීමෙන් පසුවයි.


සෙල්ලම් කරමින් සිටි දරුවා ඔහු රැඳී සිටි බහාලුමට ඇතුල්වීමෙන් පසු නින්දට ගොස් ඇති බවත් පසුව ඔහු මෙරටින් හමුවී ඇති බවත් මැලේසියානු ස්වදේශ කටයුතු ඇමතිවරයා එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මේ වන විට දරුවාට වෛද්‍ය පරීක්ෂණයට යටත් කොට ඇති බවත් ඔහු උණ රෝගී තත්ත්වයෙන් පෙලෙන බවට වාර්තා වේ.


එම දරුවා නිත්‍යානුකුල මාර්ගයෙන් නැවත සිය රට බලා යැවීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටින බවයි මැලේසියානු බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



You may also like