brand logo
රැඳවියෙකු වහලය මත නැග විරෝධතාවයක

රැඳවියෙකු වහලය මත නැග විරෝධතාවයක

28 May 2023

යාපනය බන්ධනාගාරයේ රැඳවියෙකු බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ.


වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකර යවන ලෙස ඉල්ලමින් අදාළ රැඳවියා ඊයේ (27) උදෑසන සිට එම විරෝධතාවය ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


ගෙවල් බිඳීම් ඇතුළු අපරාධ රැසකට වරදකරු වීම හේතුවෙන් 2040 වර්ෂය දක්වා සිරදඬුවම් නියම වී ඇති එම සැකකරු මීට පෙර කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි අයෙකු බව සඳහන්ය.


විනය හේතූන් මත අදාළ රැඳවියා යාපනය බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.



 

More News..