brand logo
logo
හැටන් නුවරඑළිය මාර්ගයේ අනතුරු බහුල  මාරක වංගුවක්

හැටන් නුවරඑළිය මාර්ගයේ අනතුරු බහුල මාරක වංගුවක්

09 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ඇගලුම් කර්මාන්ත ශාලව ඉදිරිපිට වංගුවේ නිතර රිය අනතුරු සිදු වන බවත්, ඒ පිලිබදව රියදුරන් දැනුවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරියෙන් අවධානම් වංගුවක් ලෙස පුවරුවක් ප්‍රදර්ශනය කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියි.


එම මාර්ගයේ ගමන් ගන්නා යතුරුපැදි නිරන්තරයෙන්ම මෙසේ අනතුරට භාජනය වන බවත්, වැසි දිනවලදී එම අනතුරු බහුල වශයෙන් සිදු වන බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.


හැටන් සිට කොටගල දක්වාත්, කොටගල සිට හැටන් දක්වාත් එම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදි අනතුරට පත් වන අයුරු අසළ වෙළදසැලක ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වි තිබුණි.

 

More News..