brand logo
logo
බාලවයස්කාර දැරියක්ව දූෂණය කළ කුලී රථ රියැදුරුට දැඩි දඬුවම්

බාලවයස්කාර දැරියක්ව දූෂණය කළ කුලී රථ රියැදුරුට දැඩි දඬුවම්

11 June 2024

මෙයට වසර 10කට පමණ පෙර බාලවයස්කාර දැරියක්ව දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ කුලී රථ රියදුරෙක්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිතව වසර 10ක සිරදඬුවම් නියම කළේය.


සිය නිවස අසල කුලී නිවසක විසූ එවකට අපොස සා පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි එම දැරියව දූෂණය කර ඇති බවට දැනට 35 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයාට එරෙහිව චෝදනා එල්ල විය.


කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අදාළ නියෝගය නිකුත් කළේය.


ඊට අමතරව චුදිතයාට එරෙහිව රුපියල් 10,000ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා අගතියට පත් තරුණියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය.


එම වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකරගන්නා ලෙසත් එයද නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත තවත් වසර දෙකක සිර දඬුවම් ලබාදීමටත් නියෝග කළේය.

 

More News..