ප්රදේශ කිහිපයකට හෙට පස්වරු එකෙන් පසුව වැසි
30 October 2026
ප්රදේශ කිහිපයකට හෙට පස්වරු එකෙන් පසුව වැසි
30 October 2026
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සහ අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල හෙට (31) පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවය.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
මේ අතර ඌව පළාත සහ අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්රික්ක සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (30) පෙ.ව. 11.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය ප.ව. 11.30 දක්වා වලංගු වෙයි.
ඒ අනුව, ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

