Best News Website award
brand logo
logo
බූම් කෝව් ප්‍රදේශයේ සිදුවූ තෙල් කාන්දුව පිරිසිදු කිරීමේ කටයුතු ඇරඹේ

බූම් කෝව් ප්‍රදේශයේ සිදුවූ තෙල් කාන්දුව පිරිසිදු කිරීමේ කටයුතු ඇරඹේ

28 November 2026

ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේ පිහිටි බූම් කෝව් ප්‍රදේශයේ අද (28) පෙරවරු 7.30ට පමණ හටගත් තෙල් කාන්දුවක් හේතුවෙන් මුහුදු ජලය මත තැන්පත් වූ තෙල් තට්ටු ඉවත් කිරීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.


ඊට එම දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බව සඳහන්ය.


මෙම තෙල් පැල්ලම දිගින් මීටර් 07ක් සහ පළලින් මීටර් 02ක් පමණ වේ.


තෙල් පැතිරීම අවම කිරීම සහ අවට සාගර පරිසරයට සිදුවිය හැකි බලපෑම අවම කිරීමේ අරමුණින්, අවශෝෂක ද්‍රව්‍ය පමණක් භාවිත කරමින් මෙම පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.


මෙවැනි තෙල් දූෂණ සිදුවීම් සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ සාගර පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දක්වන අඛණ්ඩ කැපවීම මෙම මෙහෙයුම තුළින් තවදුරටත් පිළිබිඹු වේ.

 

More News..