brand logo
logo
රුහුණු මහා කතරගම දේවාල මංගල්‍යයේ 8 වැනි පෙරහර අද

රුහුණු මහා කතරගම දේවාල මංගල්‍යයේ 8 වැනි පෙරහර අද

03 July 2025 | අවිෂ්කා සන්දිපණි දේවප්‍රිය - කතරගම

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ අටවැනි දින පෙරහර අද (03 වැනිදා) රාත්‍රියේ විදි සංචාරය කෙරේ.


පෙරේදා (01 වැනිදා ) රාත්‍රි පෙරහර කද කුමරුන් වැඩමවා වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කර පෞරාණික චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව නැවත මහා වීදිය ඔස්සේ මහා දේවාලයට ගෙවැදීමෙන් පසුව නිමාවිය.


මෙම පෙරහරට බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර එක්වූ අතර අලි ඇතුන් සමග දෙවියන්ගේ භක්තිය විදහාපාන නැටුම් කාණ්ඩයම් රැසක් පෙරහර සඳහා එක් කර තිබිණි.

 

More News..