brand logo
logo
 මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්

09 September 2026


මොරටුව, රාවතාවත්ත එමානුවෙල් මාවත ප්‍රදේශයේ දී අද (9) රාත්‍රී 7ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.


යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ත්‍රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර වෙඩිතබා පලාගොස් ඇත. වෙඩි ප්‍රහාරට ලක්ව ඇත්තේ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුට තුවාල සිදුව නොමැත.


එම පුද්ගලයා මොරටුන නගර සභාවේ සේවය කරන්නෙකු බව වාර්තා වේ.


සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිස් ස්ථානය විසින් කණ්ඩායම් දෙකක් යටතේ විමර්ශන ආරම්භ කර ඇත.

 

More News..