බ්‍රසීලයේ ඉබෝලා ආසාදනය වී ඇති බවට සැක දෙදෙනෙකු නිරෝධායනයට
01 June 2026
බ්‍රසීලයේ ඉබෝලා ආසාදනය වී ඇති බවට සැක දෙදෙනෙකු නිරෝධායනයට
01 June 2026
බ්‍රසීලයේ ඉබෝලා වයිරසය ආසාදනය වී ඇති බවට සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
සාඕ පවුලෝ සහ රියෝද ජෙනෙයිරෝ නගරවල පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස නිරෝධායන ක්‍රියාවලිය යටතේ ප්‍රතිකාර සදහා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
උගන්ඩාවේ සිට පැමිණි බෙල්ජියම් ජාතිකයකු සහ කොංගෝ ජාතිකයකුට උණ ඇතුළු සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් මෙලෙස ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව සඳහන්.
ඔවුන්ට ඉබෝලා වයිරසය ආසාදනය වී ඇත්ද යන්න සිදු කළ පරීක්ෂණ වාර්තා එළඹෙන සතියේදී ලැබෙනු ඇති බවද බ්‍රසීල සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කර ඇත.

