brand logo
logo
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

12 October 2026

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (12) පෙරවරු 11ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (13) අලුයම 1 දක්වා වලංගු වේ.


ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

More News..