brand logo
logo
නීතිවිරෝධී විදේශීය ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී විදේශීය ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

03 September 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මිරිහාන දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධව වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ විදේශීය ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.


බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය සහ මිරිහාන දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පසුගිය (01) වැනිදා ක්‍රියාත්මක කෙරුණු මෙම මෙහෙයුමේදී, සැකකටයුතු මෝටර් රථයක් සහ පුද්ගලයෙක් පරීක්ෂාවට ලක්කර ඇත.


මෙම පරීක්ෂාවේදී නීතිවිරෝධී ඉලෙක්ට්‍රොනික දුම්වැටි 130ක් සහ ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 26ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු, මෝටර් රථය සහ නීතිවිරෝධී දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී තිබේ.

 

More News..