brand logo
logo
දුම්රිය ප්‍රවේශපත්‍ර Online ක්‍රමයට

දුම්රිය ප්‍රවේශපත්‍ර Online ක්‍රමයට

17 September 2026

දුම්රිය භාවිත කරන මගීන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර ලබාගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.


නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ එම පහසුකම සලසා ඇති බවය.

එමෙන්ම pravesha ජංගම දුරකථන යෙදවුම ඔස්සේ ද දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතින බව සඳහන්ය.


මෙලෙස මෙම තීරණය ගෙන ඇත්තේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කරගනිමින් දුම්රිය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය වර්ජනයක් දියත් කර ඇති පසුබිමකය.


ඒ හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොවූ බැවින් මෙම පියවරගෙන ඇති බව බව සඳහන්ය.‍


කෙසෙවෙතත් වර්ජනයක් දියත් කළ ද අද (17) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන ආකාරය දක්නට ලැබුණා.


දුම්රිය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේය.


ඒ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය සේවක සංගමය, ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරු එකමුතුව, දුම්රිය ආරක්ෂක නිලධාරින්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 29ක් එක්වය.


සේවක ගැටලුවලට විසඳුම් ලබානොදී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අත්තනෝමතික ලෙස ක්‍රියා කරන බැවින් ඔහු වහාම ඉවත් කරන්නැයි ඉල්ලමින් වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කෙරුණි.


ඒ හේතුවෙන් අද උදෑසන දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදුනොවූවද මගීන් පැවසුවේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය විය.


වර්ජනය ක්‍රියාත්මක වුව ද අද (17) උදෑසන මෙන්ම පස්වරුවේදිත් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


මෙවන් පසුබිමක වර්ජනයේ නිරතවූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ විසඳුමක් ලබානොදෙන්නේනම් ඉදිරියේදී සිය වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බවය.

 

More News..