Best News Website award
brand logo
logo
ඥානසාර හිමියන්ට යළි සිවුර පෙරවීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක්

ඥානසාර හිමියන්ට යළි සිවුර පෙරවීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක්

16 November 2026


චීවරය ඉවත් කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළිත් විනයානුකූලව සිවුර පෙරවීම සඳහා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රිධර්ම මහා සංඝසභාවේ මහනායක හිමියන්ගේ ඉල්ලීම පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස භික්ෂූන්වහන්සේ පිරිසක් යළිත් ඉල්ලා සිටියි.


මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා භික්ෂූන් වහන්සේ පිරිසක් අද (16) බන්ධනාගාර මූලස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියාය.


සිරගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර බන්ධනාගාරයේදී ඉවත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පසුගිය සමයේ සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇතිවිය.


පසුව සිවුර දරා සිටීමට අවස්ථාව සලසමින් බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කිරීමට පියවර ගැනුණි.


කෙසේ වෙතත්, සිවුර ඉවත්කළ ඥානසාර හිමියන්ට විනයානුකූලව සිවුර යළි පෙරවීමට අවශ්‍ය කටයුතු සිදුකරන්නැයි ඉල්ලා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රිධර්ම මහා සංඝසභාවේ මහනායක හිමියන් යොමුකළ ලිපියට අදාළව ගෙන ඇති පියවර පිළිබඳ විමසීමට භික්ෂූන් වහන්සේ පිරිසක් අද මෙලෙස බන්ධනාගාර මූලස්ථානයට පැමිණ තිබුණි. 

 

More News..