පැය 4ට අඩු බස් ගමන්වලට තේ පානය තහනම්
12 October 2026 | නිර්මාණි තිලකසිරි
පැය 4ට අඩු බස් ගමන්වලට තේ පානය තහනම්
12 October 2026 | නිර්මාණි තිලකසිරි
ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කෙටි දුර ධාවන බස් රථ ගමන් වාරය අතරමගදී තේ පානය සඳහා නතරකිරීම තහනම් කිරීමට තීරණය කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සංජීව කනකරත්න පැවසීය.
ඒ අනුව ධාවන කාලසීමාව පැය හතරට අඩු ගමන් වාර පවතින බස් රථ සඳහා මෙම නීතිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක වන අතර මගීන්ගෙන් ලැබුණු පැමිණිලි මත මෙම තීරණය ගත් බව සභාපතිවරයා පැවසීය.
බස් රථ කාලසටහන නිසි පරිදි පවත්වාගෙන යාම සහ මගී ජනතාවට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව නියමිත වේලාවට තමන්ගේ ගමනාන්තය වෙත ළඟාවීමට සැලැස්වීම මෙහි අරමුණ බව හෙතෙම අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ ඇතැම් බස් රථ තේ පානය සඳහා නවත්වනු ලබන අවන්හල්වල පවතින සෞඛ්‍යාරක්ෂිත බව සම්බන්ධයෙන්ද බොහෝ පැමිණිලි ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද මේ වන විට අවධානය යොමුව ඇති බවයි.

