brand logo
logo
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත්කෙරේ

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත්කෙරේ

06 October 2026


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කර ඇත.


ඒ අනුව, මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සහ මහාධිකරණ විනිසුරු එච්. එම්. ආර්. එම්. තිලකරත්න යන මහත්වරු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) පෙරවරුවේ දිවුරුම් දී තිබේ.


දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර දෙකක් වෙනුවෙන් අදාළ පත්වීම් සිදු කර තිබේ.


ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.

 

More News..