ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්
07 October 2026
ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්
07 October 2026
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ඇය අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිරිළිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඇය අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අතර එම නඩුකරයට අදාළව අද දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැර තිබේ.

