brand logo
logo
මත්තල ගුවන්තොටේ සැරිසරන මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට

මත්තල ගුවන්තොටේ සැරිසරන මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට

12 September 2026

මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ සැරිසරන මුවන් වෙඩිතබා ඝාතනය කර, එම මස්වලින් කොටසක් පිටස්තර පුද්ගලයන්ට අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ ගුවන් හමුදා නිලධාරීන් 5ක් සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අදාළ ගුවන් හමුදා නිලධාරීන් විසින් ගුවන්තොටුපොළ භූමිය තුළදී දඩයම් කළ මුවන්, පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය සිදුකළ විශේෂ වැටලීමකදී නීතියේ රැහැනට හසුකරගෙන ඇත.


මෙම අත්අඩංගුවට ගැනීමත් සමග දඩයම් සඳහා යොදාගත් බවට සැකකෙරෙන ගිනිඅවි සහ ගුවන් හමුදාවට අයත් ජීප් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් වන ස්ථානීය පරීක්ෂණය ක්‍රියාත්මක කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මත්තල පොලිසිය ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබයි.

 

More News..