මාතලේ පොලිසියේ සිටි සැකකරුවෙකු ජීවිතක්ෂයට
20 November 2026
මාතලේ පොලිසියේ සිටි සැකකරුවෙකු ජීවිතක්ෂයට
20 November 2026
මාතලේ පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවෙකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගතකරන අතරවාරයේ අද (20) අලුයම මරණයට පත්ව තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ සිද්ධියකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන මාතලේ පොලිස් ස්ථානයේ අංක එක සිර මැදිරියේ රඳවා සිට ඇත.
කෙසේ නමුත් සැකකරු හදිසියේ රෝගාතුර වී ඇති අතර, පසුව ඔහු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණද,ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව සඳහන්.
මෙසේ මරණයට පත්ව ඇත්තේ අම්පිටිය, මහනුවර පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයක්ය.
සැකකරු ඊයේ (19) මාතලේ හිත්ගොල්ල ප්‍රදේශයේදී අයිස් මිලිග්‍රෑම් 3,010ක් ළඟ තබා ගැනීමේ වරදට සැකපිට මාතලේ පොලිස් දූෂණ මර්දන අංශයේ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙකු බවත්, මහනුවර, ග්‍රෑන්ඩ්පාස් ඇතුළු පොලිස් ස්ථාන 10ක පමණ ඔහුට විරුද්ධව මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු පවතින බවටත් තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාතලේ පොලිසිය මගින් සිදු කරනු ලැබේ.


