වැඩිහිටියන් වෙනුවෙන් කෙටි ඇමතුම් අංකයක්-දැනුවත් කරන්න වැඩිහිටියෝ රට පුරා පාපැදියෙන් යයි
08 October 2026 | සිඩ්නි රුවන් උබේපාල-කහටගස්දිගිලිය
වැඩිහිටියන් වෙනුවෙන් කෙටි ඇමතුම් අංකයක්-දැනුවත් කරන්න වැඩිහිටියෝ රට පුරා පාපැදියෙන් යයි
08 October 2026 | සිඩ්නි රුවන් උබේපාල-කහටගස්දිගිලිය
ලෝක වැඩිහිටි දිනට සමගාමීව වැඩිහිටියෝ කිලෝමීටර් 1890ක් දුර පා පැදියෙන් රට වටා ගොස් , වැඩිහිටියන්ට නව කෙටි දුරකතන අංකයක් හදුන්වා දීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක කරමින් සිටිනවා.
ඔක්තෝබර් (01)වනිදා කෝට්ටේ ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයෙන් ආරම්භ කළ එම හරිත පා පැදි සවාරිය අද(08) මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය වෙත ලගා වුණා.
එය ලබන (31)දින නැවත කෝට්ටේ ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයෙන් අවසන් කිරීමට නියමිතව ඇත.
මෙම පා පදි සවාරිය වැඩි හිටියන් 10 දෙනෙකුගෙන් සමන්විත වෙනවා.
ඒ අනුව හදුන්වා දුන් උපකාරක නව දුරකතන අංකය 1890 වන අතර මෙය වැඩිහිටියන්ට ක්ෂණික ඇමතුම් අංකයක් ලෙස පැය 24 පුරා ක්‍රියාතමක වෙනවා.
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්‍යාලය විසින් මෙය සංවිධානය කර තිබුණා.

