brand logo
logo
  ගම්මන්පිලගේ ප්‍රකාශයට පොලීසියෙන් පිළිතුරක්

ගම්මන්පිලගේ ප්‍රකාශයට පොලීසියෙන් පිළිතුරක්

06 June 2026


පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.


එහි සඳහන් කර ඇත්තේ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළ ආකාරයට සුරේෂ් සලේ මහතාට කිසිදු පහරදීමක් හෝ අමානුෂික ලෙස සැලකීමක් පොලීසිය විසින් සිදුනොකළ බවය.


සුරේෂ් සලේ මහතා සම්බන්ධව සාමාන්‍ය සැකකරුවෙකුට ක්‍රියා කරන ආකාරයට කටයුතු කර ඇති බවත් කිසිදු විශේෂ සැලකිල්ලක් හෝ නොසලකා හැරීමක් සිදුකර නොමැති බවත් පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.


පොලීසිය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

 

More News..