brand logo
logo
 අගමැතිනිය යළි දිවයිනට

අගමැතිනිය යළි දිවයිනට

16 July 2026


කටාර් රාජ්‍යයේ හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ සමස්ත ලංකාවාසී ජනතාවගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණියා ය.


කටාර් රාජ්‍යයේ දෝහා නුවර පිහිටි ලුසයිල් මාලිගය වෙත ගිය අග්‍රාමාත්‍යවරිය, එරට වත්මන් අමීර්වරයා වන අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි මහතා හමුවී සිය බලවත් කණගාටුව පළ කළාය.


අනතුරුව අල් වජ්බා මාලිගය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, කටාර් රාජ්‍යයේ අමීර්වරයාගේ මෑණියන් මෙන්ම කටාර් පදනමේ සභාපතිනිය ද වන ෂෙයිකා මෝසා බින්ට් නසාර් මහත්මිය වෙත ශ්‍රී ලංකා රජයේ ශෝකය පිරිනැමුවාය.


මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු අමීර්වරයාගේ දියණියන් වන ෂෙයිකා අල් මයාසා බින්ට් හමාඩ් අල් තානි කුමරිය සහ ෂෙයිකා හින්ද් බින්ට් හමාඩ් අල් තානි කුමරිය වෙත ද, රාජකීය පවුලේ සෙසු සාමාජිකයින් වෙත ද ඇය ශෝකය පළ කළාය.


මෙම අවස්ථාවට කටාර් රාජ්‍යයේ සමාජ සංවර්ධන හා පවුල් කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වන බුතයිනා බින්ට් අලි අල් ජබර් අල් නුඅයිමි මහත්මිය ද එක්ව සිටි අතර ඇය වෙත ද ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ශෝකය පළ කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කටයුතු කළාය.

 

More News..