brand logo
logo
බලශක්ති සැපයුමට එල්ලවී ඇති බලපෑම් ගැන විශේෂ සාකච්ඡාවක්

බලශක්ති සැපයුමට එල්ලවී ඇති බලපෑම් ගැන විශේෂ සාකච්ඡාවක්

15 March 2026


මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මෙරට ගල්අඟුරු, ගෑස්, තෙල් ආදී බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී බලපෑම් සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, බලශක්ති සැපයුමට එල්ලවී ඇති බාධාවන්ට මුහුණදෙමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් එක් එක් අංශයන්ගෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග හා යෝජිත විකල්ප පිළිබඳ මෙහිදී සමාලෝචනය කර තිබේ.


ඒ අනුව නව තත්වයන්ට මුහුණදීමේදී ඩිජිටල් කේත ක්‍රමය, නිවසේ සිට රාජකාරී සිදුකිරීම වැනි විකල්ප ක්‍රමවේදයන් නිසි සැලසුමකින් යුතුව ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික ආර්ථිකයට වන බලපෑම අවම කරගැනීමට හැකි බවට අවධානයට ලක්ව ඇත.


එමෙන්ම මතුවන නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර ජනතාව දැනුවත් කරන විධිමත් සන්නිවේදනයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් ඇති බවද මෙහිදී ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇත.


 

More News..