නෙදර්ලන්තයේ රැකියා ගැන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
15 November 2026
නෙදර්ලන්තයේ රැකියා ගැන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
15 November 2026
නෙදර්ලන්තයේ ව්‍යාජ රැකියා අවස්ථා පොරොන්දුවෙමින් ඇතැම් පාර්ශ්වයන් විසින් පුද්ගලයින් නොමඟ යවන බවට වන තොරතුරු සම්බන්ධයෙන් සිය අවධානය යොමුවී ඇති බව මෙරට නෙදර්ලන්ත තානාපති කාර්යාලය පවසයි.
ඇතැම් පිරිස් මේ වනවිටත් මෙවැනි ජාවාරම්වල ගොදුරු බවට පත්ව ඇති බව එම කාර්යාලය පෙන්වා දෙයි. නෙදර්ලන්ත ආගමන සේවාවේයැයි හැඟවෙන අයුරින් සකස් කරන ලද ව්‍යාජ ලිපි ද සංසරණය වෙමින් පවතී.
සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් හැර සෑම ආකාරයකම රැකියා සඳහා නෙදර්ලන්තය වීසා නිකුත් නොකරන බව සඳහන්ය.
කෙසේවෙතත් උසස් නිපුණතා සහති උසස් තාක්ෂණ රැකියා සඳහා පමණන් සැබෑ රැකියා අවස්ථා තිබිය හැකි බවත් සෙසු සියල්ලම ව්‍යාජ විය හැකි බවත් මෙරට නෙදර්ලන්ත තානාපති කාර්යාලය අවධාරණය කරයි.
එමෙන්ම නෙදර්ලන්තයේ රැකියා සඳහා තානාපති කාර්යාල කිසිදු ආකාරයක බඳවා ගැනීමක් සිදු කරන්නේ නැත.
විවිධ පාර්ශවයන් විසින් ලබාදෙන රැකියා අවස්ථා පිළිබඳව කිසිදු ආකාරයක මූල්‍යමය බැඳීමක් ඇති කර ගැනීමට පෙර අදාළ සේවායෝජකයින් වෙතින් ඍජුවම පරීක්ෂා කරන ලෙසත්, එවැනි ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් වහාම අවශ්‍ය නීති සහය ලබාගන්නා ලෙසත් මෙරට නෙදර්ලන්ත තානාපති කාර්යාලය වැඩිදුරටත් ඉල්ලා සිටියි.


