brand logo
logo
LGC පද්ධතිය බිඳවැටීමෙන් රජයට කෝටි 200ක පාඩුවක්

LGC පද්ධතිය බිඳවැටීමෙන් රජයට කෝටි 200ක පාඩුවක්

19 October 2025 | එෆ්. අස්ලම්

ලංකා රාජ්‍ය මේසයේ (LGC) බිඳ වැටීම හේතුවෙන් සතියකට අධික කාලයක් රාජ්‍ය ආයතන 40 කට ආසන්න සංඛ්‍යාවක විවිධ සේවා ඇනහිටීමෙන් රජයට රුපියල් කෝටි 200 කට අධික පාඩුවක් සිදුව ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම පද්ධතිය හදිසි බිඳවැටීමකට ලක් වූයේ පසුගිය 10 වැනිදා ය. ඉන් ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන 8 කට දැඩි බලපෑමක් සහ තවත් රාජ්‍ය ආයතන 30 කට අධික සංඛ්‍යාවකට විවිධාකාරයේ බලපෑම් ද එල්ල වී තිබිණි.


ිමේ අතර පොලිස් නිෂ්කාෂණ පද්ධතිය පමණක් පසුගිය 17 වැනිදා පස්වරුවේ යථාවත් කර ගැනීමට හැකි වූ බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල පැවැසීය.


තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ඉංජිනේරුවරුන් යොදවා පද්ධතිය යථාවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරමින් සිටින බවද ලේකම්වරයා කීවේය.


මෙය හැකර් ප්‍රහාරයකින් සිදුවූවක් නොවන බවත් පද්ධතියේ ඇති අසීමිත තොරතුරු හේතුවෙන් වූ බිඳ වැටීමක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..