පාකිස්තානයට පැරැදුණු ශ්‍රී ලංකා යෞවනියෝ අද බංග්ලාදේශය සමගින් තරග බිමේ
05 October 2026
පාකිස්තානයට පැරැදුණු ශ්‍රී ලංකා යෞවනියෝ අද බංග්ලාදේශය සමගින් තරග බිමේ
05 October 2026
පාකිස්තානයේ සත්කාරකත්වයෙන්, ශ්‍රී ලංකාව පාකිස්තානය සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තරග වදින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වදින දෙවැනි තරගය අද (5 වැනිදා) පාකිස්තානය සමගින් ෆයිස්ලාබාද් හිදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වැදුණු පෙරේදා (3 වැනිදා) පැවැති ප්‍රථම තරගයේදී පාකිස්තානය හමුවේ කඩුලු 5කින් පරාජයට පත්විය.
එම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාා පිල සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නෙත්මි උපේක්ෂා ලකුණු 40ක් රැස් කළාය. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු තුනක් ලබාගැනීමට පකිස්තාන ක්‍රීඩිකා මහ්නූර් සෙබ් සමත් වූ අතර, ශ්‍රී ලංකා පිල විසින් ලබාදුන් ලකුණු ඉලක්කය පන්දුවාර 19කදී කඩුලු 5ක් පමණක් දැවී හඹායාමට පාකිස්තාන පිතිකාරිණියෝ සමත් වූහ. එහිදී ආරම්භක පිතිකාරිණී කෝමල් කාන් අර්ධ ශතකයක් වාර්තා කළාය.
අද පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතය

