අරුණ පවුලට සම්මාන 9ක්
11 November 2026
අරුණ පවුලට සම්මාන 9ක්
11 November 2026
කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් සංවිධානය කළ 2025 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ඊයේ (10 වැනිදා) රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති අතර එහිදී ලිබර්ටි පබ්ලිෂර්ස් පුද්ගලික සමාගම ප්‍රකාශයට පත් කරනු ලබන අරුණ, තමිලන්, ද මෝනින් පුවත්පත්වලට සහ වෙබ් අඩවිවලට සම්මාන 09 ක් හිමිවිය.
මෙහිදී වසරේ හොඳම සෞඛ්‍ය වාර්තාකරණයට හිමි සම්මානය සති අග අරුණ පුවත්පතේ හර්ෂනී දිසානායක හිමි කර ගත්තාය.
හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය (සිංහල මාධ්‍ය) aruna.lk වෙත හිමි විය.
වසරේ ක්‍රීඩා මාධ්‍යවේදියාට හිමි සම්මානය සති අග අරුණ පුවත්පතේ රශ්නිකා ලියනගේට හිමිවිය.
මීට අමතර වසරේ හොඳම වීඩියෝ වාර්තාකරණයට හිමි කුසලතා සම්මානය ද අරුණ වෙබ් අඩවියට හිමි විය.

