brand logo
logo
ඇතුල්කන්දේ ගින්නෙන් පසු පහළ නිවාසවලට ගල් පෙරළීමේ අවදානමක්

ඇතුල්කන්දේ ගින්නෙන් පසු පහළ නිවාසවලට ගල් පෙරළීමේ අවදානමක්

19 July 2026


දෙමෝදර ඇතුල්කන්ද ප්‍රදේශයේ ඇතිවූ ගින්නත් සමග එම කන්දට පහලින් ඇති නිවාස කිහිපයකට ගල් පෙරළියාමේ අවදානමක් මතුව ඇති බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ගයාන් ඉන්දික මහතා පවසයි. 


පසුගිය 16වනදා රාත්‍රි 7.00ට පමණ මෙම ගින්න හටගෙන තිබුණි.


කෙසේවෙතත් ගින්න හටගෙන පැය කිහිපයක් ගතවෙන විට ප්‍රදේශවාසින් එක්ව එහි පැතිරීම පාලනය කිරීමට සමත්ව ඇත.


එමෙන්ම වතු සීමාවන්හි මායිම්වල ගිනිපටි සකසා තිබිම හේතුවෙන් තේ වතුවලට ගින්න පැතිරයාම වැළකී ගොස් තිබේ. 


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධානි භු විද්‍යඥ හර්ෂනී පෙරේරා මහත්මිය සදහන් කළේ මෙම ගල් පෙරළියාමේ අවදානම් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට නිලධාරින් කණ්ඩායමක් එම ප්‍රදේශයට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවය.


 

More News..