brand logo
logo
වප් පෝ දා දඩයමේ ගිය පුද්ගලයෙකු කිඩාගලදී වනජීවී අත්අඩංගුවට

වප් පෝ දා දඩයමේ ගිය පුද්ගලයෙකු කිඩාගලදී වනජීවී අත්අඩංගුවට

25 October 2026 | හේෂාර සේනාල් සෝමරත්න-අනුරාධපුර


අනුරාධපුර වනජීවී කලාපයේ තිරප්පනේ වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරීට පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් ලබාදුන් තොරතුරක් අනුවඅද (25) වප් පුර පොහෝ දින හිමිදිරියේ හිඳෝගල , කිඩාගල වැව් රක්ෂිතයේ හදිසි වැටලීමක් සිදු කරන ලදී.


පෙරදින රාත්‍රියේ බඳින කඳක් ඇටවූ සැකකරුවෙකු තම දඩයම පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 


සැකකරු දිගින් දිගටම වන සතුන් දඩයමේ යෙදෙන පුද්ගලයෙක් ද යන්න විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.


සැකකරු ඇතුළු නඩු භාණ්ඩ එළඹෙන 30 වන දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


වන අලින් ඇතුළු වන සතුන් නීතිවිරෝධී ගිණිඅවි ඇතුළු මදුවලට ගොදුරුවීම වැළැක්වීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පියවර ගණනාවක් ගෙන තිබෙන අතර මුර සංචාර වැඩි කිරීම , නිරන්තරයෙන් වැටලීම් සිදුකිරීම මගින් දිගින් දිගටම වනජීවී අපරාධ අවම කිරීමට කටයුතු කරමින් තිබේ.


මෙවැනි වනජීවී අපරාධ වැළැක්වීමෙන් වන සතුන් දඩයක්කරුවන්ගෙන් බේරාගත හැකිවන අතර පොහෝ දිනයේ ද රාජකාරි සිදුකරමින් වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට ඔබගේ සහයෝගයද අවශ්‍ය වේ.


 තිරප්පනේ වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වනසත්ත්ව අඩවි සහකාර බුද්ධික අතුකෝරල මෙහෙයවීමෙන් වනජීවී නියාමක හේරත් , සිවිල් ආරක්ෂක නිලධාරී රෝහිත, චන්ද්‍රසේකර , නාලක ඇතුළු රියදුරු රත්නායක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.

 

More News..