brand logo
logo
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සමන්ත පෙරේරාගේ මිලියන 35ක දේපළ ක්‍රියාවිරහිත කෙරේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සමන්ත පෙරේරාගේ මිලියන 35ක දේපළ ක්‍රියාවිරහිත කෙරේ

09 October 2026

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සමන්ත පෙරේරා හෙවත් චූවා සමන්ත යන විසින් නීති විරෝධීව උපයා ගන්නා ලද දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.


මෙලෙස ක්‍රියා විරහිත කර ඇත්තේ නාවින්න, මඩපාත ප්‍රදේශයේ පිහිටි පර්චස් 12ක ඉඩම සහ නවීන පන්නයේ තෙමහල් නිවසකි.


පොලිසිය පැවසුවේ මෙම ඉඩමේ සහ තෙමහල් නිවසේ වටිනාකම රුපියල් මිලියන 35ක් පමණ වන බවය.

සිදුකරන ලද විමර්ශනයකට අදාළව අද (09) දින සිට දින 14ක කාලයක් දක්වා අදාළ වත්කම් ක්‍රියා විරහිත කිරීමට පියවර ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.

 

More News..