brand logo
logo
ඉදිරියේදී විවිධ වැරදි සම්බන්ධව සිරගත වන හිමිවරුන්ගේ චීවරය ගැන තීරණයක්

ඉදිරියේදී විවිධ වැරදි සම්බන්ධව සිරගත වන හිමිවරුන්ගේ චීවරය ගැන තීරණයක්

13 October 2026

ඉදිරියේදී යම් යම් වැරදි සම්බන්ධව බන්ධනාගාරගත වන හිමිවරුන්ගේ චීවරය දැරීමේ සිදුසුකම පිළිබඳ තීරණය එම හිමිවරුන් අදාළ නිකාය විසින් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.


අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව එවැනි සිදුවීමක් ඉදිරියේදී සිදුවුවහොත් එම හිමිවරුන් අයත් නිකායන් වෙත දැනුම්දීමට පියවර ගන්නා බවය.


ඒ අනුව බෞද්ධ කොමසාරිස් හරහා ඒ සම්බන්ධව ත්‍රෛනිකායික මහානායක ස්වාමින්වහන්සේලා සිව්නමගේ උපදෙස් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

"බන්ධනාගාරගත වන ගරු ස්වාමීන්වහන්සේලා සඳහා චීවරය දරාගෙන ඉන්න ඕනේද නැද්ද කියන එක පිළිබඳව තීන්දු කිරීම බන්ධනාගාර අධිකාරිය විසින් නොවෙයි ඒ ස්වාමීන්වහස්සේ අදාළ නිකාය විසින් තීන්දු කළ යුතුයි කියන ස්ථාවරයක ඉන්නවා ඒ අනුව එවැනි දෙයක් සිදුවුණාට පස්සේ අදාළ නිකායට දැනුම්දීලා බෞද්ධ කටයුතු කොමසාරිස් හරහා අවශ්‍ය කරන උපදෙස් ඒ ත්‍රෙනිකායික මහානායක ස්වාමින්වහන්සේලා සිව්නමගෙන් ලබා ගැනීමට තමයි රජය බලාපොරොත්තු වෙන්නේ."

 

More News..