brand logo
logo
අහකට නොදමන්න! ගුණ සාගරයක් ‘අහු’

අහකට නොදමන්න! ගුණ සාගරයක් ‘අහු’

23 June 2025

අනවින, කොඩිවින, හදි හූනියම්, ගුප්ත විද්‍යා ආදී මිථ්‍යා සංකල්ප සඳහා ‘අහු’ ශාකය ප්‍රයෝජනයට ගන්නා බව බොහෝ දෙනා දැන සිටියත් එහි ඇති විශ්මිත ඖෂධීය ගුණ පිළිබඳව දැනුමක් නැති තරම් ය. මේ නිසාම ඇතැම් පළාත්වල ගෙවතුවල අහු වැවීමක් නොකරන අතර අතරමගක දී දුටුවහොත් විනාශ කර දමයි. මෙයට හේතුව අනවින කොඩිවින කිරීම සඳහා මෙම ශාකය හා බැඳුණු විශ්වාසයයි. මේ නිසාම අද ලිපියෙන් අප ගෙන එන්නට සිතුවේ අහු ශාකයේ ඇති විශ්මිත ගුණ පිළිබඳවයි.


අහු ඉතා වටිනා ඖෂධයක් බව පර් යේෂණ මගින් තහවුරු කරගෙන ඇත.


ප්‍රාථමික පිළිකා සෛල නිශේධනය කරයි.


දේහය ශක්තිමත් කරයි.


රුධිර පීඩනය පහත හෙළයි.


හෘද හානි වැළැක්වීමට අදාළ ප්‍රතිබැක්ටීරියාමය ගුණ ඇත.


සෛල බිත්ති ශක්තිමත් කරයි.


අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය විධිමත් කරයි.


ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරයි.


මෙහි, Morinzhi නම් ස්වභාවික යුෂය අහු ගෙඩිවල තිබෙන අතර එය භාවිතාවෙන් රෝග වළක්වා ගත හැකි බව වෛද්‍ය පර් යේෂකයෝ පෙන්වා දෙති.


ගෙඩි වණ වෙදකමේදී යොදා ගන්නා ප්‍රධාන ඖෂධීය ශාකයක් වන අහු බහුලවම බාහිර ප්‍රලේප වශයෙන් භාවිත කරයි.


අජීර්ණ, අක්මා, ප්ලීහා සහ වකුගඩු රෝග, අතීසාර, පාචන, මධුමේහ, රක්ත පිත්ත, කැස්ස, ඇදුම, රුධිර වහනය, සූතිකා උණ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා අහු ශාකයේ කොළ, දලු, පොතු, මුල් හා ගෙඩි භාවිතා කරයි.


අහු ගෙඩි හා කොළ ආර්තවය ජනනය කරන, අවරෝධාතා නසන, බලකාරක සහ උණ නසන ගුණ සහිතයි.


ළදරු අතීසාරයට ප්‍රතිකාර කිරීමට අහු දලු මීපැණි සමග මිශ්‍රකර බෙහෙත් පිළියෙල කරනු ලබයි.


මැලේරියා උණට මෙන්ම දරුවන් වැදීමෙන් පසු මවට වැලඳෙන සූතිකා උණට අහු නැටි කෂාය ගුණදායකය.


සිරුරේ ඇති වන වේදනාවන්ට සුවය සැලසයි.


ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.


ආතරයිටිස් වේදනාවන්ට සුවය දෙයි.


තුවාල සුව කිරීමේ හැකියාව ඉහළය.


මස්පිඬු වේදනාවන්ට සහනය දෙයි.


පිළිකාවට, අක්මා රෝගවලට සහ දියවැඩියාවට සහනය සලසයි.


ගෙඩි වණ වෙදකමෙහිත්, කැඩුම් බිඳුම් හා සර්ප විෂ වෙදකමෙහිදීත් බහුල වශයෙන් මෙම අහු යොදා ගැනෙයි.


ඉදුණු අහු ගෙඩිවල ඇති අප්‍රසන්න ගන්ධය නිසා කෘමීන් හෝ පක්ෂීන් හෝ වෙනත් කිසිදු සතකු පරිභෝජනයට නොගනී. ගිනිකොනදිග ආසියානු රටවල ද, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය හා පැසිපික් කලාපයේ ද මෙම අහු වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර බොහෝ රටවල වටිනා ඖෂධයක් ලෙස එය භාවිතා කරයි.


විදුරුමස් ශක්තිමත් කිරීම සඳහා අහු යොදාගෙන ඖෂධ සකසා ගනී.


සර්ප විෂට දෂ්ට මුඛයේ ගෑමට අහු කොළ යොදා ගනියි.


ගෙඩි වණ සඳහා අහු දලු, මිශ්‍ර කර ඖෂධ සකසා ගනී.


විෂහරණ තෛල නිපදවීමටද අහු ශාක කොටස් යොදාගනී.


මෙආකාරයෙන් ඖෂධීය බලයක් තිබුණේ වුවද අහු ශාකය ඔසුවක් ලෙස ගත යුත්තේ සුදුසු වෛද්‍යවරයකුගේ නිර්දේශයන්ට යටත්ව බවත් මතක තබාගත යුතුයි.



ටී.එම්. නුවන්තිකා හර්ෂණී

ආයුර්වේද වෛද්‍ය (සර්වාංග)

කුමුදු විජේරත්න

 

More News..