brand logo
බෝම්බ බියක් හේතුවෙන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

බෝම්බ බියක් හේතුවෙන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

23 January 2023

බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ඇතැන්ස් ගුවන් තොටුපොළට රයන් එයාර් නමැති ගුවන් යානය ගොඩබස්සවා තිබේ.


අනතුරුව ගුවන් යානය පරීක්ෂා කළ බ්‍රසීල ගුවන් බලධාරීන් සදහන් කර ඇත්තේ ගුවන් යානයේ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුනොවූ බවයි.


පෝලන්තයේ සිට පැමිණි අදාළ යානයේ බෝම්බයක් පවතින බවට ලද නිර්නාමික පණිවුඩයක් හේතුවෙන් යානය ඇතැන්ස් ගුවන් තොටුපොළේ හුදකලා ස්ථානයකට ගොස්බස් වනු ලැබීය.


ආරක්ෂක අංශ මැදිහත්ව යානයේ පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහි තිබි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.


එම අවස්ථාවේ යානයේ මගීන් 190 දෙනෙකු පමණ සිට ඇති අතර අදාළ අසත්‍ය තොරතුර සම්බන්ධයෙන් පෝලන්තය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.   

 

More News..