brand logo
logo
ජනප්‍රිය නළුවෙක් කොකේන් සමග අත්අඩංගුවට

ජනප්‍රිය නළුවෙක් කොකේන් සමග අත්අඩංගුවට

17 September 2026

වැල්ලවත්ත පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර කොකේන් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිසිය පැවසුවේ, ඊයේ (16) රාත්‍රීයේදී වැල්ලවත්ත, වෙරළ ප්‍රදේශයේ අවන්හලකදී විශ්ව කොඩිකාර ඇතුළු තවත් පස් දෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බවයි.


සැකකරුවන් පිරිස අද (17) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විශ්ව කොඩිකාර සන්තකයේ කොකේන් මිලිග්‍රෑම් 1050ක් තිබී සොයා ගත් බව වැල්ලවත්ත පොලිසියේ ගල්කිස්ස අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.


මෙහිදී කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට වරද පිළිගැනීමෙන් පසු ජනප්‍රිය නළු විශ්ව කොඩිකාරට රුපියල් පන් දහසක දඩයක් නියම කර තිබේ.

 

More News..