‘බොඩි කැමරා’ ටෙන්ඩරයේ අක්‍රමිකතා නැහැ - පොලිසිය කියයි
01 October 2026 | එෆ්. අස්ලම්
‘බොඩි කැමරා’ ටෙන්ඩරයේ අක්‍රමිකතා නැහැ - පොලිසිය කියයි
01 October 2026 | එෆ්. අස්ලම්
පොලිසියට ‘බොඩි කැමරා’ 500ක් මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේ කිසිදු අක්‍රමිකතාවක් සිදුව නැති බවත් එවැනි අක්‍රමිකතාවක් ඇත්නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් ඕනෑම අයකුට පැමිණිලි කළ හැකි බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
‘බොඩි කැමරා’ මිලදී ගැනීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවට ජන අරගල ව්‍යාපාරයේ සංවිධායක වසන්ත මුදලිගේ විසින්කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් යොමුකර ඇති කරුණු පැහැදිලි කිරීමක් අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මීට අදාළ නිවේදනය නිකුත්කර ඇත.
පොලිසියේ අවශ්‍යතාව මත බොඩි කැමරා 500ක් සහ ඩොකින් ස්ටේෂන් 70ක් මිලදී ගැනීම සුදුසු බවට වූ තීරණය පොලිස්පතිවරයා විසින් පත්කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ, ගණකාධිකාරීවරයකුගේ සහ රාජ්‍ය නිවේදිත නිලධාරීන් 15 දෙනකුගෙන් යුත් කමිටුව මගින් ඒකමතිකව ගත් තීරණයක් බවත් එය ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ හා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව විනිවිද සහ සාධාරණ තරගකාරීත්වයකට අනුව ලංසුකරුවන්ට සමාන අවස්ථා ලබාදෙමින් සිදුකර ඇති බවත් එහි සඳහන්ව ඇත.
එම කමිටුවේ නිර්දේශ අනුව තාක්ෂණික පිරිවිතර සකස් කර අදාළ ප්‍රසම්පාදනය සඳහා පත් කරන ලද ලංසු ඇගයීම් කමිටුව විසින් අවස්ථා කිහිපයක දී සාකච්ඡා පවත්වා මිලදීගැනීම් සහ කුලී පදනම යන ක්‍රමවේද දෙක සම්බන්ධයෙන් සලකා බලා අවශ්‍යතා අනුව Terms of Reference (TOR) තාක්ෂණික පිරිවිතර සකස් කර ඇති බවද මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී පුවත්පත් දැන්වීම් පළකර සියලුම උනන්දුවක් දක්වන සැපයුම්කරුවන්ට තරගකාරී ලෙස සහභාගි වීමට අවස්ථාව ලබා දී ඇති බවද එමගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
තවද ලංසු විවෘත කිරීමේ දිනය අවස්ථා කිහිපයකදී දීර්ඝකර ඇත්තේ ලංසුකරුවන්ට සමාන අවස්ථා ලබාදීම සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා යැයි ද කිසියම් ලංසුකරුවකුට පමණක් විශේෂ වාසියක් ලැබෙන පරිදි කාලසීමා වෙනස් කර නොමැති බවද එහි සඳහන් කර ඇත.
අදාළ ප්‍රසම්පාදන ලංසු ඇගයීම් කමිටුවක් වෙත යොමුකර ඇති අතර මේ වන විට ලංසු ඇගයීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත් මෙතෙක් කිසිදු ලංසුකරුවකු තෝරාගෙන හෝ ප්‍රසම්පාදනය ප්‍රදානය කර නොමැති බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

