තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
13 October 2026
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
13 October 2026
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් සඳහා තද වැසි පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (13) පෙ. ව 10.30 නිකුත් කරන ලද මෙම නිවේදනය අද ප.ව 06.30 සිට හෙට ප.ව 06.30 දක්වා වලංගු වෙයි.
දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිළි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100-150ක පමණ තද වැසි ඇති විය හැකිය.

