රුමේෂ්ගෙන් රන් පදක්කමක්
01 August 2026
රුමේෂ්ගෙන් රන් පදක්කමක්
01 August 2026
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත් විය.
මෙරට වේලාවෙන් අද (01) උදෑසන තරගය අවසන් විය.
ග්ලාස්ගෝ හි ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ රුමේෂ්ගේ දෙවන උත්සාහයේදී මීටර් 89.75ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්පත් කරගතේය.
මෙය පොදුරාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනූ 6වැනි රන් පදක්කම වන අතර, 2006 වසරේචී බර ඉසලීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනූ රන් පදක්කමෙන් වසර 20කට පසු ශ්‍රි ලංකාව දිනූ රන් පදක්කම විය.

